තාත්තව බේරාගන්න කනපද්දන් වැවට පැන ජීවිත අහිමි කරගත්, චමුදු සහ ඥාති දියණියක් වූ ඕෂණී ගැන, බුකියේ පළ වූ සංවේදී සටහන්
Friday, 17 July 2020 - 11:29 | Views - 1,760
කනපද්දන් වැවේ ගල් තලාවක් මත සිටියදී වැවට වැටුණූ පියා බේරා ගැනීමට ගිය 18 හැවිරිදි පුතා හා ඔහුගේ ඥාති සොයුරිය දියේ ගිලී පෙරේදා (15) මියගොස් ඇතැයි පොල්පිතිගම පොලිසිය පවසනවා.
 
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලැව හිරිපිටය ගල්පොත්තේ ජේ. එම්. චමුදු මධුරංග දිල්ශාන් (18) හා ගණේමුල්ල බොල්ලතේ පදිංචි එන්. ඕෂණී ඩිලේකා (16) නැමති ඥාතී සොහොයුරියක බවයි වාර්තා වන්නේ.
 
ජේ. එම්. චමුදු මධුරංග දිල්ශාන් සිසුවා කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ අධ්‍යාපන ලැබූ අතර ඔහු මෙවර ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයකට පෙනී සිටීමට සුදානමින් සිටියා.

මියගිය එන්. ඕෂණී ඩිලේකා ගණේමුල්ල ගලහිටියාව මැදි විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර ඇය මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බවයි ඇගේ ඥාතීන් සඳහන් කළේ.
 
මිය ගිය එන්. ඕෂණී ඩිලේකාගේ අත්අම්මා (පියාගේ මව) බැලීම සඳහා පවුලේ අය සමඟ පොල්පිතිගම මල්අස්න ප්‍රදේශයට ගොස් සිටියදී මෙම අනතුරුට මුහුණ පා ඇති බව පොලිසිය පවසනවා.
 
මෙම පවුලේ ඥාතීන් පිරිස ඊයේ (16) අනුරාධපුර බලා යාමට සුදානමින් සිටි බවද දැනගන්නට ලැබී තිබෙනවා.
 
ගණේමුල්ල සිට පැමිණි ඥාතීන් සමඟ ගල්පොත්තේ පදිංචිව සිටි මධුරංගගේ පවුලේ අය පොල්පිතිගම කනපද්දන් වැවේ ගලක් මත සිටියදී මිය ගිය චමුදු මධුරංග සිසුවාගේ පියා පය ලිස්සා වැවට වැටී තිබෙනවා.
 
පියා බේරා ගැනීමට මධුරංග වැවට පැන ඇති අතර ඔහු දියේ ගිලෙද්දි ඕෂණී ඩිලේකා හා ඇගේ මවද ඔවුන් බේරා ගැනීමට පැන ඇතැයි පොලිසිය සඳහන් කළා.
 
වැවට පැන්න තිදෙනා හා වැවට වැටුනු මධුරංගගේ පියා වැවේ ගිලෙද්දි ඒ අසළ සිටි පිරිස පැමිණ මධුරංගගේ පියා හා ඩිලේකාගේ මව බේරාගෙන ඇතත් මධූරංග හා ඩිලේකා සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
 
පසුම එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් සිද්ධියෙන් පැය භාගයකට පසු දිය යට තිබී සිරුරු සොයාගෙන පොල්පිතිගම රෝහලට ද එතැනින් කුරුණෑගල රෝහලට ද රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.
 
ඉහළ ඕතොටමුල්ල හදිසි මරණ පරීක්ෂක ටී. ඩී. එස්. රුවන්සිරි මහතා හා පොල්පිතිගම පොලිසියේ සැරයන් මුතුබණ්ඩා මහත්වරු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වුවා.
 
මිය ගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශීක්ෂණ රෝහලේදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබුනා. පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
 
සිසිර නන්දන කැලේගම විසින් "ලංකාදීප" පුවත්පතට ලියූ ලිපියකි...
 
මේ අතර... කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ අධ්‍යාපනය හදාරමින් සිටි ජේ. එම්. චමුදු මධුරංගන දිල්ශාන් සිසුවාගේ වියෝව ගැන ඔහුගේ ආදරණීය මිතුරන් මුහුණු පොතේ සංවේදී සටහන් තබා තිබුනා.
 
එකට කරට අත දාගෙන එකටම හිටපු උබට.....මෙච්චර ඉක්මනට අත් දෙක එකතු කරලා වදින්න වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙනම් නෑ බං.....උබව කවදාවත්ම අමතකනම් වෙන්නෑ සහෝදරයා....
 
ඉන්න තැනක සතුටින් ඉදපන් දෙන්නම....ඊලග ආත්මෙදිත් අපිත් එක්කම සෙට් වෙයන් බං.....


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top