හත් හැවිරිදි පුංචි පුතෙකුගේ වියෝව දරාගත නොහැකිව දිවි තොර කරගත් පියෙකු ගැන, මවක් කියූ සංවේදී කතාව
Friday, 17 July 2020 - 11:07 | Views - 1,087
මේ ලෝකේ මාරයි. ඒක ඇත්තටම මෙහෙම කිව්වොත්, "මේ ලෝකේ මිනිස්සු මාරම පුදුමයි.."
 
ඒක එහෙම වෙන්නේ සමහරක් මිනිස්සු අත්හරින්නම බැරි බැඳීම් ළඟ තමන්ගේ ජීවිතේ අත හරින්න හිතනවා. ආදරේ කරපු දරුවෙක් වෙනුවෙන් හරි, පෙම්වතිය වෙනුවෙන් හරි... ඒ අය ජීවිතේ දාලා යන්නම යනවා.

"ඒක එයාලට අයිති තීරණයක්" වුනත්.. අපි ඒ තීරණයට එදිරිව අවි ඔසවනවා. "ඒ අයට එහෙම කරන්න බෑ, ඇයි එයාලා එහෙම කළේ" කියලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා.
 
මේ කතාවට "දැඩි පිය සෙනෙහස ඉතිරුණු" කතාවක් කියලා කියන්න පුළුවන්ද? විදෙස් මාධ්‍ය වාර්තා කරන විදිහට මේ පුවත් වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්..
 
7 හැවිරිදි පුංචි පුතාගේ නම කොරි (Corey). ඇගේ මව වන ඇබී බාට්ලට් විසින් මේ සංවේදී පුවත මුලින්ම ලෝකයට හෙළිදරව් කර තිබුණා.
 
ඇගේ පුතා Corey මිය යන්නේ මොළයේ ගෙඩියක් නිසා. (ඒත් ඇත්තටම හැමෝම සැක කළේ ඒ කොරෝනා වෙන්නැති කියලයි.)
 
කොරිගේ මව කියන විදිහට මේ පුංචි එකාව රෝහල්ගත කරලා තිබුනේ උගුරේ අමාරුවක් නිසායි.
 
කෙසේ වෙතත් මේ දරුවා නීරෝගී දරුවෙකු වන නිසා මේ මරණය තමන්ට අදහාගත නොහැකි බව මේ අම්මා හඬා වැටෙමින් කියා තිබුනා. දින තුනකට පසු මේ අම්මාව තනි කරමින්, පුතුගේ ළඟට පියා තමන්ට දරුවා නැතුව ඉන්න බැරි බව ඊමේල් පණිවුඩයක් මඟින් කියා තිබුණා.
 
එකිනෙකාට දැඩිව ආදරය කළ පියාට සහ පුතුට එකම අවමංගල්‍යයක් පැවැත්වීමට තීරණය කරන බවයි ඇය වැඩිදුරටත් කියා තිබුනේ.
 
කොරිගේ වැඩිමහල් සහෝදරයා මෙයින් වඩාත් කම්පනයට පත්ව ඇති බව ඇය කියනවා.
 
"මම කැමතියි මගේ පුතාට ඔහුගේ තාත්තා එක්ක ඉන්න එයාලා ප්‍රියතම දෙයක් යවන්න.. යතුරුපැදියක හැඩයෙන් මල් ලබාගන්න.. ඒක ඔහු ආසම කරපු දෙයක්.."
 
Dailymail ඇසුරිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top