සියල්ලන්ගේ ඇස් වසා ලංකාවට ගෙනා සුපිරි රථ දෙක එලියට එයි
Friday, 17 July 2020 - 10:36 | Views - 1,694
අවසර නැතිව ගෙන්වූ මිනි කූපර් රථයක් සහ සුභෝපභෝගී වෑන් රථයක් බහාලුමකින් සොයා ගැනේ
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ මිනි කූපර් වර්ගයේ මෝටර් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් බහාලුමක් තුළ තිබී රේගු භාරයට ගෙන තිබෙනවා. මෝටර් රථ අමතර කොටස් ගෙන්වන මුවාවෙන් අදාළ වාහන මෙරටට ගෙන්වා ඇති බවයි
රේගු දෙපාර්තමේන්තුවේ නිවාරණ අංශයේ අධ්යක්ෂ ප්රියන්ත සේනානායක සඳහන් කළේ.
කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ මෝටර් රථ අමතර කොටස් මෙරටට ගෙන්වීම තාවකාලිකව තහනම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ බහාලුම මෙරටට ගෙන්වා ඇත්තේ එම තහනම පැනවීමට පෙර බව සඳහන්.
Share This Article