අධික රුධිරය වහනය වීමෙන් මියගිය දස හැවිරිදි දැරියගේ අභිරහස් මරණය ගැන අලුත්ම කතාවක් එළියට
Friday, 17 July 2020 - 9:13 | Views - 362
සර්ප විසෙන් මියගිය බව කියූ පුත්තලමේ දස හැවිරිදි දැරියකගේ මරණය ගැන සැකයක්
සර්පයෙකු දෂ්ඨ කිරීමකින් මිය ගිය බව සඳහන් කළ දස හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, අදාළ මරණය සැක සහිත බවට රෝහල් පොලිසිය පුත්තලම මූලස්ථාන පොලිසියට සිදුකළ දැනුම්දීමක් අනුවයි.
පුත්තලම - ආසිරිගම ප්‍රදේශයේ පදිංචි මවක් සර්පයෙකු දෂ්ඨ කළ බව පවසා දස හැවිරිදි තම දියණිය පුත්තලම මූලික රෝහලට ඊයේ උදෑසන ඇතුළත් කර තිබුණේ දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන්.
රෝහල්ගත කරන විටත් අධික ලෙස රුධිරය වහනය වීමෙන් දැරිය මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර, මෙය ඝාතනයක්ද නැතහොත් වෙනයම් සිද්ධියක්ද යන්න සම්බන්ධයෙන් ඒ අනුව අනාවරණ වනු ඇති.
Share This Article