වසර දෙකහමාරක් තිස්සේ තමන්ගේම ලෙයින් උපන් දියණියව අපයෝජනය කළ පාපතර පියෙකු උසාවියේදී හෙළි කළ කතාව
Friday, 17 July 2020 - 9:09 | Views - 356
වසර දෙකහමාරකට පෙර තිස්සමහාරාමය, විජයපුරදී සිය බාල වයස්කාර දියණිය අවස්ථා කිහිපයකදී බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ තිදරු පියකුට වසර 48ක බර වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 4,500ක දඩ මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්. ජයකි ද අල්විස් මහත්මිය ඊයේ (16දා) නියෝග කළාය.
 
මෙලෙස සිර දඬුවම් නියම වුයේ ගෝනගමුව, තිස්සමහාරාම පදිංචි 42 හැවිරිදි විතාරණ ගමගේ සමන්ත කුමාරසිරි නමැති තිදරු පියකුටය.

චූදිත තැනැත්තා 2018.03.01 වැනි දින සිට අවස්ථා කිහිපයකදීම සිය බාලවයස්කාර දියණියව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කර ඇති අතර ඇය මේ පිළිබදව සිය මවට පවසා තිබේ. ඒ අනුව මව සිද්ධිය සම්බන්ධයෙන් 2018.05.14 වැනි දින තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව තිස්සමහාරාම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මූලික නඩු විභාගය පවත්වා තිබේ. පසුව මෙම සිදුවීමට අදාළව නීතිපතිවරයා සැකකරුට එරෙහිව චෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරිණි.
 
ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්. ජයකි ද අල්විස් මහත්මිය හමුවේ ඊයේ (16දා) නඩුව කැඳවූ අවස්ථාවේ චූදිත සියලු චෝදනා සඳහා වරද පිළිගැනීමකට ලක් කෙරිණි. ඒ අනුව චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චිරන්තක පරගස්වැව මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙලෙස කරුණු ඉදිරිපත් කෙරිණි.
 
ස්වාමිනී මෙම චූදිත අධිකරණය හමුවේ සිය වරද පිළිගැනීමකට ලක් කළා. තමා අතින් සිදු වූ වරදට තමන් පශ්චත්තාප වන බවත් තම දියණිය සාක්ෂි කූඩුවට නැඟ සාක්ෂි ලබාදීමේදී ඇය අපහසුතාවට ලක්වේ යන බිය තමන් තුළ පවතින බවත් සමාජයේ යහපත් පුරවැසියකු ලෙස ඉදිරියේදී සමාජයට යළි පැමිණීමට හැකි වන පරිදි ලිහිල් දඬුවමක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
 
පසුව පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ රජයේ අධිනීතිඥ ගයාන් පෙරේරා මහතා මෙලෙස පැවැසීය.
 
ස්වාමිනී මෙවැනි වරදක් කළ අයකුට අවමය වසර 15ක බර වැඩ සහිත සිර දඬුවමක් හා උපරිමය වසර 20ක සිර දඬුවමක් මෙන්ම දඩයක් හා වන්දි මුදලක් ලබාදීමට අධිකරණයට නියෝග කිරීමේ අභිමතය තියෙනවා. එමෙන්ම ස්වාමිනී විශේෂයෙන්ම හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්කවල මේ තත්ත්වය මේ වනවිට පිළිකාවක් වගේ පැතිර යන බවත් මෙවැනි වැරැදි කරන පුද්ගලයන්ට ලබා දෙන දඬුවම් මෙවැනි වැරැදි කරන අනෙක් පුද්ගලයන්ටද ආදර්ශයක් වන ආකාරයේ දඬුවමක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.
 
චූදිතට ලද මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමත් ඇතුළුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්. ජයකි ද අල්විස් මහත්මිය චූදිතට දඬුවම් නියම කෙරිණි.
 
ඒ අනුව චූදිතට එරෙහිව නඟා තිබූ චෝදනා තුන සඳහා එක් චෝදනාවකට වසර 16 බැගින් චෝදනා 03ක් සඳහා වසර 48ක බර වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඬුවම් කාලය වසර 16කින් එකවර ගෙවී යා යුතු බවටද නියෝග කළාය.
 
මීට අමතරව එක් චෝදනාවක් සඳහා රුපියල් 1,500 බැගින් චෝදනා තුන සඳහාද රුපියල් 4,500ක දඩ මුලදක් නියම කළ අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 18ක බර වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළාය. වසර 16ක සිර දඬුවම් කාලය අවසන් වු පසු එම දඬුවම් කාලය ආරම්භ විය යුතු බවටද නියෝග කළාය.
 
විත්තිකරු වෙනුවෙන් නිතීඥ චිරන්තක පලුගස්වැව මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ගයාන් පෙරේරා මහතා පෙනී සිටියේය.
 
මත්තල - ඩී.එන්. ජයසේකර
උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top