පදික වේදිකාවේ සහ තහනම් ස්ථානවල, නවතන වාහන සොයා අද සිට මෙහෙයුම්
Friday, 17 July 2020 - 8:55 | Views - 449
අනවසර ස්ථානවල සහ පදික වේදිකාවන් හි නවතා තබන යතුරුපැදි මෙන්ම වාහන සම්බන්ධයෙන් අද සිට නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසනවා.
අනවසර ස්ථානවල රථ වාහන නවතන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා අතර, ජාතික මංමාවත් පනත යටතේ රුපියල් 50,000 දක්වා දඩයකට යටත් කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article