රුපියල් 20 ක්, 30ක් දී එකළොස් හැවිරිදි දැරියකට අවස්ථා කිහිපයකදී ලිංගික අපයෝජනයට ලක් කළ කාමාතුර ධනවත් ව්‍යාපාරිකයා පොලිසියේදී සියල්ල වමාරයි
Friday, 17 July 2020 - 8:48 | Views - 713

එකළොස් හැවිරිදි පාසල් දැරිවියක ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 77 හැවිරිදි සුවඳ විලවුන් හා අලේපන අලෙවි කරන ව්‍යාපරිකයෙකු බවයි පොලිසිය පවසන්නේ.
බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති මෙම දැරිවිය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සඳහා මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව ද සඳහන්.
පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ, අදාළ ව්‍යාපාරිකයා විසින් එම දැරියට මරණීය තර්ජන එල්ල කර අවස්ථා 15කදී පමණ ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි.
මේ බව නිවෙසේ අයට නොකියන ලෙස පවසා ඇයට රුපියල් 20 ක් හෝ 30 වැනි මුදලක් ද ලබාදී තිබෙනවා.
අදාළ බාලවයස්කාරියකගේ මව විදෙස් ගතව ඇති අතර ඇය සිය මිත්තණියගේ නිවසේ නැවති පාසල් ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
මිත්තණිය මහනුවර ප්‍රදේශයේ ලොතරැයිපත් අලෙවි කරන්නීයක වන අතර ඇය එම පත් මිලදී ගැනීමට ගොස් තිබු අවස්ථාවක අදාළ දැරිවිය සැකකාර ව්‍යාපාරිකයාගේ වෙළඳ සැල වෙත මුහුණු අලේපනයක් මිලදී ගැනීමට ගොස් තිබෙනවා.
එහිදී ඇය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවටයි පොලිසිය කියා සිටියේ.
අදාළ කාරණාව නිවෙසේ අය වෙත නොකියන ලෙසත්, එලෙස පැවැසුවහොත් මරා දමන බවට සැකකරු විසින් තර්ජනය කර ඇති බව ද සඳහන්.
මෙම බාලවයස්කාර දැරියක කලබලයෙන් මෙන් වෙළෙඳසල තුළට කැඳවාගෙන යන අයුරු දුටු නාටාමියකු කෙනෙක් විසින් මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
අනතුරුව පොලිස් කාර්යාංශයේ කිහිප දෙනෙකු විසින් අදාළ දැරිවියගෙන් සිදු කළ විමසීමේදී සිද්ධිය පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දැරිය හෙළි කළ තොරතුරු අනුව පරීක්ෂණ පවත්වා මෙම සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීමටත් මහනුවර පොලිසිය කටයුතු කර තිබෙනවා.
ලංකාදීප
Share This Article