වෛද්‍යවරුන් පුදුමයට පත් කරමින්, නියමිත දිනට සති තුනකට පෙර උපත ලැබු දැරියට ගර්භාෂයේදීම නව කොරෝනා වෛරසය ආසාදනය වෙයි
Thursday, 16 July 2020 - 16:25 | Views - 467
මවු කුසයේදීම කොවිඩ්  ආසාදනය වූ බවට සැලකෙන බිලිඳියක් ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ රෝහලකදී උපත ලබා ඇත. දැරිය බිහිවී ඇත්තේද නියමිත දිනයට සති තුනකට පෙරය.
 
ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වී සිටි ගැබිනි මවට හුස්ම ගැනීමේ අපහසුතා සහ අධික උණ ඇති වූයෙන් කොවිඩ්-19 පිළිබඳ වෛද්‍ය පරීක්ෂාවට ඇය බඳුන් කරනු ලැබිණි. එහි ප්‍රතිඵලය අනුව ඇය ආසාදනය වී ඇති බව හෙළිවූයෙන් සූතිකාගාරයේ සිට කෙළින්ම දැඩි සත්කාර ඒකකය වෙතට යොමු කරන ලද බව වෛද්‍යවරු පවසති.

මේ අතර එක් දිනක් වයසැති දැරියද වයිරසයට ධනාත්මක බව පරීක්ෂාවන්ගෙන් අනතුරුව පෙනීගොස් තිබේ. ඒ නිසා දරුවාගේ වැදෑමහ විශ්ලේෂණය කළ විද්‍යාඥයන් හට වයිරසයේ සලකුණු සහ ඉදිමීමේ ලක්ෂණ සොයාගැනීමට හැකිවී ඇත.
 
මේ කරුණු අනුව ඔවුන් එළැඹී ඇති නිගමනය වන්නේ දැරියට ගර්භාශයේ සිටියදීම වයිරසය ආසාදනය වී ඇති බවය. ඒ අනුව මෙම වයිරසයට වැදෑමහ හරහා පවා සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇතැයි විද්‍යාඥයෝ පවසති. කොවිඩ්  වසංගතය ආරම්භයේදීම ආසාදිත දරුවන් පිළිබඳව පර්යේෂණ ආරම්භ කළ නමුත් ඔවුන්ට රෝගය වැලඳුණේ ගර්භාශය තුළදී ද නැතහොත් උපත ලැබීමෙන් පසුව රෝහලේදී ද යන්න තක්සේරු කිරීම අපහසු වී තිබිණි.
 
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top