අගුලානේ පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වය පාලනය කරයි - ආරක්ෂාවට එස්.ටී.එෆ් කැඳවයි
Thursday, 16 July 2020 - 15:57 | Views - 931
අගුලාන පොලීසිය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳ හා මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙනවා.
පසුගියදා මොරටුව - ලූනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වූ ප්රදේශවාසීන් පිරිසක් අද පස්වරුවේ පොලීසිය දෙසට ගල් මුල් ප්රහාර එල්ල කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හට ගත්තා.
එය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්රහාරයක් ද එල්ල කිරීමටයි පියවර ගෙන තිබුණේ.
ප්රදේශවාසීන් විසින් එල්ල කළ ගල්මුල් ප්රහාර හේතුවෙන් පොලීස් ස්ථානයට හානි සිදුව තිබෙනවා.
එමෙන්ම, සිද්ධියට අදාළ නඩුව අද කැඳවීමෙන් අනතුරුව මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් මොරටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට ද විරෝධතාවක නිරත වුණා.
Share This Article