සුනඛයෙකුගෙන් නංගිව බේරගත්ත අවුරුදු හයේ පොඩ්ඩා - සමාජ මාධ්‍ය කැළඹූ කතාවේ ඇත්තම විස්තරේ මෙන්න
මේ දවස්වල කොරෝනාවෙන් වැඩිපුරම බැට කන රට විදිහට අපි දැන අඳුනගන්නේ ඇමරිකා එක්සත් ජනපදයි..
කොරෝනා ගැන කතාවක් නොවන මේ අනුවේදනීය කතා පුවත ඉතාමත් වේගයෙන් මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතර යමින් තිබෙනවා.
විශේෂයෙන්ම හොලිවුඩයේ දැවැන්ත තරු මේ පුංචි වීරයාට ප්‍රශංසා කරන ආකාරයකුත් දැක ගන්නට ලැබුණා.
අපේ කතාවේ සුපිරි වීරයා නමින් Bridger Walker. ඔහුට තාම අවුරුදු හයයි.
ඔහුට ඉන්නවා ලස්සන පුංචි නංගි කෙනෙක්. පහුගිය දවසක මේ පුංචි නංගිගේ ඇඟට සුනඛයෙක් කඩා පනිනවා.
තමන්ගේ නංගිට කරදරයක් වෙනවා බලන් ඉන්න බැරි තැන මේ නිර්භීත කොල්ලා නංගිව බේරගන්න මැදිහත් වෙනවා.
ඒකේ ප්‍රතිඵලය වුනේ මේ අහිංසකයාගේ මූහුණත් තහඩුව සුනඛයාගේ පහර කෑමට ලක් වීමයි.
එය කොතරම් දරුණු පහරක්ද කියනවා නම් මේ පොඩි එකාට මැහුම් 90ක් පමණ අවශ්‍ය වුනා කියලා ඩේලිමේල් පවසනවා. (ඡායාරූප බලන්න.)
"ඒ වෙලාවේ අපි දෙන්නගෙන් කෙනෙක් මැරෙනවා නම්, ඒ මම වෙන්න ඕනි කියලා මම හිතුවා.." කියලා Bridger Walker කියනවා.
ඇවෙන්ජර්ස් තරුව රුෆලෝ මෙම කතා පුවත බෙදා හරිමින්, "මම සුපිරි වීරයෙකු දුටුවා" යනුවෙන් සඳහන් කර තිබුණා.
"මම ඔබේ ධෛර්යයට හා හදවතට සැබැවින්ම ගරු කරමි, සැබෑ ධෛර්ය යනු මිනිසුන් කෙරෙහි ආධිපත්‍යය දැරීම හෝ මිනිසුන්ට එරෙහිව සටන් කිරීම නොවේ. සැබෑ ධෛර්ය යනු කළ යුතු දේ දැන ගැනීම හා එය කෙසේ හෝ ඔබට රිදවන විට පවා එය සිදු කිරීමයි.."
මේ අතර තවත් සුපිරි තරුවක් වන Mark Ruffalo ද මෙම සිදුවීම පිළිබඳව තමන්ගේ සමාජ මාධ්‍යවල සටහන් කර තිබුනා.
මේ පුංචි එකාගේ සිද්ධියට මේ වෙද්දි බොහෝ ප්‍රතිචාර ලැබෙන බවයි, විදෙස් වාර්තා පවසන්නේ..
Dailymail ඇසුරිනි.
