අඟුලාන රත්වෙයි - පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්
Thursday, 16 July 2020 - 15:02 | Views - 2,538
අඟුලාන පොලිසිය ඉදිරිපිට ඇතිවූ උණුසුම් තත්වයක් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
අඟුලාන වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අඟුලාන පොලිසිය භාරයට ගෙන ගල්කිස්ස පොලිසිය දක්වාත් අනතුරුව මොරටුමුල්ල පොලිසිය දක්වාත් රැගෙන යාමේ සිද්ධියක් හේතුවෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ ඥාතීන් අද අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අද ගල්කිස්ස අධිකරණයේදී විමසා බැලෙන අතරද ඥාතීන් අධිකරණය ඉදිරිපිටදීද විරෝධතාවයේ නිරත වූයේ මේ ආකාරයෙන්.
කෙසේ වෙතත් සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර පොලිසියේ පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය පොලිස්පති
නීතිඥ අජිත් රෝහණ මහතාගේ ඉල්ලීම මත අදාළ නඩුව මාධ්‍යවේදීන්ට ආවරණය කිරීමට අවස්ථාව ලබාදී නැහැ.
Share This Article