ලොවම කැළඹුණු කොරෝනා ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍ය තරුණයන් මිලියනකයකට අධික පිරිසක් ගත් තීරණය
Thursday, 16 July 2020 - 14:27 | Views - 995
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී බ්‍රසීලයේ මිනිස් ජෛව අපද්‍රව්‍ය ආශ්‍රිතව කොවිඩ් 19 වෛරසය පැවති බවට එරට නවතම වාර්තාවක් අනාවරණය කර තිබෙනවා.

එමෙන්ම කොරෝනා සීග්‍ර ව්‍යාප්තිය හමුවේ බ්‍රිතාන්‍යයේ මිලියනකයකට අධික තරුණ ප්‍රජාවක් දුම්පානය අතහැර දමා ඇති බවයි සමීක්ෂණයකින් හෙලි වී ඇත්තේ.

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 32,695 ක් හඳුනාගැනුනු අතර, එය මේ දක්වා දිනකදී ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි.

ඉන්දියාවේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 968,876 දෙනෙකු වාර්තාවන අතර, ඉන් පුද්ගලයින් 24,915 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ව්‍යාජ කොරෝනා සහතික නිකුත් කළ බංග්ලාදේශයේ පෞද්ගලික රෝහලක හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කොරෝනා ආසාදිතයන්ගේ පී.සී.ආර්. පරික්ෂණ සිදුකර රෝගය වැළදුනු පුද්ගලයින්ට රෝගය ආසාදිත වී නොමැති බවට වන සහතික නිකුත් කර ඇති බවයි වාර්තාවන්නේ.

ඩකා නුවර පිහිටි එම රෝහලෙන් පී.සී.ආර්. පරික්ෂණ රැසක් සිදුකර ඇති අතර, ඇතැම් ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ පරීක්ෂණ සිදුකිරීමකින් තොරව බවයි එෆ්.බී.අයි. පුවත් සේවය වාර්තා කළේ.

සැකකරු බුර්කාවකින් සැරසී ඉන්දියාවට පළායාමට උත්සාහ කළ අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට තිබෙනවා.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක්කෝටි තිස්හත් ලක්ෂයකට ආසන්න වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 586,890 ක් ලෙසයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top