යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මරුට
Thursday, 16 July 2020 - 14:06 | Views - 665
මැදවච්චිය - කැබිතිගොල්ලෑව ප්රධාන මාර්ගයේ ඇටවීරගොල්ලෑව ප්රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් ඒවා පැදවූ තරුණයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්රියේ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදි දෙකෙහි පසුපස අසුන්වල ගමන් කල පුද්ගලයින් දෙදෙනකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙහිදී ජිවිතක්ෂයට පත්වුණේ 21 සහ 26 හැවිරිදි ඇටවීරගොල්ලෑව ප්රදේශයේම පදිංචි තරුණයින් දෙදෙනෙක්.
Share This Article