කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ගැන අලුත්ම තත්වය මෙන්න
Thursday, 16 July 2020 - 13:08 | Views - 3,135

කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 533 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2674ක්.
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
ඉන් එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වන කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙක්.
මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට හා කටාර්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 8දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී
තිබෙනවා.
කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 533දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 444 දෙනෙකුම රැඳවියන්.
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ කන්දකාඩු පොකුරේ සෙසු 64 දෙනෙකු උපදේශකයන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් වන අතර තවත් 25 දෙනෙක් සිවිල් පුද්ගලයන් බවයි.
ඒ අනුව මෙරට මේ වන විට කොවිඩ් 19 තත්ත්වයයි මේ.
මේ අතර කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සංචාරණ සීමා පනවා ඇති රාජාංගනය ප්‍රදේශයේ තවත් පුද්ගලයන් 60 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ පස්වරුවේ
සිදුකෙරුණා.
මේ අතර කොවිඩ් 19 ආසාදිත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන පැල්මඩුල්ල නාරංගොඩ පදිංචි යුධ හමුදා නිලධාරියෙකුගේ ආශ්‍රිතයන්
37දෙනෙකු ඊයේ පස්වරුවේ නිරෝධායනය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා.
ඔවුන් නාරන්ගොඩ සහ ඇන්දාන ප්‍රදේශයේ පුද්ගලයන් වන අතර ඊට කුඩා ළමුන් 8දෙනෙකුද අයත්.
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සේවය කරන කොවිඩ් 19 ආසාදිත කන්තලේ පදිංචි යුධ හමුදා සාමාජිකයෙකුගේ අසල්වැසි නිවසක පුද්ගලයන් දෙදෙනෙකු උණ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඊයේ පස්වරුවේ මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර ක්නදකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි යුද හමුදා සෙබලෙකු බදුල්ල - බඩල්කුඹුර - ගල්ලබ පිරිවෙනේ ආගමික වැඩ සටහනකට සහභාගි වී තිබීම හේතුවෙන් එම පිරිවෙනේ ස්වාමීන් වහන්සේ 45 නමක් ඇතුළුව 75 දෙනෙකු ආරක්ෂිත පියවරක් ලෙස පිරිවෙන තුළ ස්වයං නිරෝධායනයට යොමුකළ බව ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණ වුණා.
මේ අතර කොවිඩ් 19 ආසාදිත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන සෙබලෙකු පසුගියදා කුරුණෑගල - තෝරවතුර ප්‍රදේශයේ සිය නිවසට පැමිණ තිබීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් හා අසල්වැසි නිවාස 10ක පුද්ගලයන් 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා.
Share This Article