පොල්පිතිගම - කනපද්දන් වැවේ ගිලී දෙදෙනෙකු මියයයි
Thursday, 16 July 2020 - 12:09 | Views - 644
පොල්පිතිගම - කනපද්දන් වැවේ දියනෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එකම පවුලේ ඥාතීන් පස්දෙනෙකු ඊයේ පස්වරුවේ කනපද්දන් වැවේ දිය නෑමට ගිය අවස්ථාවේදි ඔවුන් දෙදෙනා මෙලෙස දියේ ගිලී ඇති බවයි.
පසුව ඔවුන් දෙදෙනා ප්‍රදේශවාසීන් බේරාගෙන රෝහල් ගතකිරීමෙන් පසු මියගිය බව පොලීසිය සඳහන් කළා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ ගනේමුල්ල ප්‍රදේශ පදිංචි පාසැල් සිසුවියක් සහ අවුරුදු 19 ක් වයසැති නිකදළුපොත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
Share This Article