එල්.පී.එල්. වෙන්දේසියේ විදෙස් ක්රීඩක නාමලේඛනය ශ්රී ලංකා ක්රිකට් වෙත
Thursday, 16 July 2020 - 10:55 | Views - 2,497
ලබන මාසයේදී මෙරටදී පැවැත්වීමට සැළසුම් කර ඇති එල්.පී.එල්. පන්දු වාර විස්ස ක්රිකට් තරගාවලියේ වෙන්දේසියට ඉදිරිපත් කරන විදෙස් ක්රිඩකයන්ගේ නාමලේඛනය, ක්රීඩක නියෝජිතවරුන් විසින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත යොමුකර තිබෙනවා.
වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන විදෙස් ක්රීඩකයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් ගෙන නොමැති අතර, ඉදිරි දින කිහිපය තුළදී එම වෙන්දේසියට ඉදිරිපත් කරන ක්රීඩක ලැයිස්තුව සකස් කිරීමට නියමිතයි.
අගෝස්තු අටවනදා ආරම්භ කිරීමට සැළසුම් කළද මෙවර එල්.පී.එල්. ක්රිකට් තරගාවලිය තවත් සති දෙකකින් කල් දැමීමට පසුව තීරණය කෙරුණා.
ඊට කණ්ඩායම් පහක් තරග වැදීමට නියමිතයි
Share This Article