කන්දකාඩු මධ්‍යස්ථානයේ සියලු පී.සී.ආර්. වාර්තා නිකුත් වෙයි
Thursday, 16 July 2020 - 8:30 | Views - 3,083

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි සියලුදෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා මේ වනවිට ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැල්මඩුල්ලට පැමිණි කොරෝනා ආසාදිත නිලධාරියාගේ සමීපතම ආශ්‍රිතයන් 37 දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාව හමුදා කඳවුර වෙත ඊයේ රැගෙන යනු ලැබුවා.
මේ අතර තවත් ආසාදිතයන් 9 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,674 දක්වා ඉහළ ගියා.
ඊයේ වාර්තාවූ 9 දෙනාගෙන් එක් අයෙකු බඹරදෙණියේ පදිංචි කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු වන අතර, ඔහු කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි හතරදෙනෙකුද ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා.
කටාර් හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි හතරදෙනෙකුද කොරෝනා ආසාදිතයන් බවට ඊයේ තහවුරු කරගත් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 663 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 2,001 ක්.
Share This Article