ස්වයං නිරෝධායනයේ යෙදෙන්නන්ට ඡන්දය දෙන්න පුළුවන් අලුත් ක්‍රමය මෙන්න
Thursday, 16 July 2020 - 7:57 | Views - 421
මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකරන්නේ නම් මහ මැතිවරණය පැවැත්වීම ගැටළු සහගත බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියේ මැතිවරණ කොමිසන් සභාව ඊයේ රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදියි.
ස්වයං නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයින්ට ඡුන්දය ප්‍රකාශ කිරීම සඳහා වෙනම විශේෂිත ඡන්ද මධ්‍යස්ථානයක් හෝ ජංගම ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර ඉදිරි මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද හතරවන දිනටත් පැවැත්වෙනවා.
ඒ අනුව පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද දායකයින්ට අද ඒ සඳහා අවස්ථාව පවතිනවා.
Share This Article