වැලිකඩ ඝාතන නඩුවේ තුන්වන චූදිතයා නිදොස් කොට නිදහස්
Wednesday, 15 July 2020 - 16:05 | Views - 511
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ තුන්වන චූදිතයා වන ඉමදූවගේ ඉන්දික සම්පත් නැමැත්තා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදියි.
මොහු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරියෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක ඉල්ලා සිටියේ චූදිතයාට එරෙහිව මෙතෙක් අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති කරුණු ප්‍රමාණවත් නොවන බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙසයි.
එම කරුණු සළකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල චූදිතයා නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය නිකුත් කළ අතර, නඩුව මේ මස 30 වනදා යළි කැඳවීමටද නියෝග කළා.
Share This Article