සුරූපී මවගේ අධික වේගය, අවුරුද්දක් පිරුණු පුංචි පුතුට දිවි අහිමි කළ හැටි
Wednesday, 15 July 2020 - 15:57 | Views - 1,082
මවකගේ නොසැලකිලිමත් රිය පැදවීම නිසා නිකරුනේ ජීවිතයෙන් වන්දි ගෙවූ පුංචි පුතෙකු ගැන අනුවේදනීය කතා පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වනවා.
 
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුද්දක් වයසැති පුංචි දරුවෙක්.

23 හැවිරිදි මෙම මව ලාස්වේගාස් හි තම මෝටර් රථය පැයට සැතපුම් 120ක වේගයෙන් ධාවනය කර ඇති බවයි ඩේලිමේල් පවසන්නේ.
 
වේගය පාලනය කරගත නොහැකිව අනතුරට පත් වුනු රථය දෙකඩ වී ඇති අතර, අනතුරින් දරුවාට එම ස්ථානයේදීම ජීවිතය හැර යන්නට සිදු වුනා.
 
කෙසේ වෙතත්, නොසැලකිලිමත් රිය පැදවීම හේතුවෙන් මෙම මවට නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ. ලෝරන් ප්‍රෙස්සියාට එරෙහිව නඩු පැවරූ අනිකුත් හේතුව වන්නේ දරුවෙකුට අනතුරක් සිදු කිරීමයි.
 
මේ අතර විදෙස් වාර්තා සඳහන් කරන්නේ අනතුරට පත් වන විට මෙම රථයේ මවගේ මිතුරියක් වන 36 හැවිරිදි කාන්තාවක් ද රිය පැදවූ බවයි.
 
නොසැලකිලිමත්කම හා අධික වේගය මෙම අනතුරට හේතු වූවා යැයි පොලිසිය පවසනවා.
 
Dailymail ඇසුරිනි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top