මවකගේ නොසැලකිලිමත් රිය පැදවීම නිසා නිකරුනේ ජීවිතයෙන් වන්දි ගෙවූ පුංචි පුතෙකු ගැන අනුවේදනීය කතා පුවතක් එක්සත් ජනපදයෙන් වාර්තා වනවා.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුද්දක් වයසැති පුංචි දරුවෙක්.
23 හැවිරිදි මෙම මව ලාස්වේගාස් හි තම මෝටර් රථය පැයට සැතපුම් 120ක වේගයෙන් ධාවනය කර ඇති බවයි ඩේලිමේල් පවසන්නේ.
වේගය පාලනය කරගත නොහැකිව අනතුරට පත් වුනු රථය දෙකඩ වී ඇති අතර, අනතුරින් දරුවාට එම ස්ථානයේදීම ජීවිතය හැර යන්නට සිදු වුනා.
කෙසේ වෙතත්, නොසැලකිලිමත් රිය පැදවීම හේතුවෙන් මෙම මවට නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ. ලෝරන් ප්රෙස්සියාට එරෙහිව නඩු පැවරූ අනිකුත් හේතුව වන්නේ දරුවෙකුට අනතුරක් සිදු කිරීමයි.
මේ අතර විදෙස් වාර්තා සඳහන් කරන්නේ අනතුරට පත් වන විට මෙම රථයේ මවගේ මිතුරියක් වන 36 හැවිරිදි කාන්තාවක් ද රිය පැදවූ බවයි.
නොසැලකිලිමත්කම හා අධික වේගය මෙම අනතුරට හේතු වූවා යැයි පොලිසිය පවසනවා.
Dailymail ඇසුරිනි.
