පියා අතවර කළා කියලා පොලිසියේ පැමිණිලි කරපු දියණිය, උසාවියේදී දිවුරුම් දෙමින් කියපු වෙනස්ම කතාව
Wednesday, 15 July 2020 - 14:26 | Views - 24,187
පියා තමා අපයෝජනය කළ බවට පොලිසියට පැමිණිලි කළේ තම මවගේ බලපෑම් සහ ඉගැන්වීම් මත බවත් පියා තමා අපයෝජනය නොකළ බවත් බාල වයස්කාර දැරියක දිවුරුම් දෙමින් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඉදිරියේ පැවැසුවාය.
 
තම බාල වයස්කාර දියණිය අපයෝජනය කළ බවට චෝදනා කරමින් විත්තිකාර පියකුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක් යළි කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර දැරිය මේ බව කීවාය.

ඇය අධිකරණය හමුවේ දිවුරුම් දෙමින් තවදුරටත් කියා සිටියේ තම මවගේ ඉගැන්නුම් බහ මත තම පියා තමා අපයෝජනය කළ බවට පියාට එරෙහිව කැකිරාව පොලිසියට තමා අසත්‍ය පැමිණිල්ලක් කළ බවය.
 
මෙම කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා විත්තිකාර පියාට එරෙහිව නීතිපතිවරයා විසින් නඟා තිබූ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවෙන් ඔහු නි‍ෙදාස් කොට නිදහස් කර මුදාහැරීමට නියෝග කළේය.
 
2016 ජනවාරි මස 1 සහ 2016 ජනවාරි මස 10 වැනි දින අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කැකිරාව ගනේවල්පොළදී බාල වයස්කාරියකව සිටි තම දියණිය අපයෝජනය කළ බවට මෙම විතතිකාර පියාට එරෙහිව නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365(ආ) 02 (ආ) වගන්තිය යටතේ අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.
 
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන් ද අල්විස් ගුණතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ ගයාන් සිරිවර්ධන මහතා පෙනී සිටියේය.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top