පොලිස් නිලධාරින් යට කළ රියදුරා රිමාන්ඩ්
Wednesday, 15 July 2020 - 14:08 | Views - 624
හක්මන - කිරින්ද - 13 කණුව මාර්ග බාධකයේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීයෙකු යටකර තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරා ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරු අද දහවල් මාතර අතිරේක මහේස්ත්රාත් චම්පික රාජපක්ෂ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පෙරේදා රාත්රියේ මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරින් තුන්දෙනෙකු ටිපර් රථයකින් යටකර පලාගොස් සිටි සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ හුංගම - රනාල ප්රදේශයේදීයි.
අනතුරෙන් මියගිය හක්මන පොලීසියට අනුයුක්තව සේවය කළ වලස්මුල්ල ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම පොලිස් කොස්තාපල්වරයාගේ දේහය මේ වනවිට ඔහුගේ නිවසෙහි තැන්පත් කර තිබෙනවා.
Share This Article