ජපානයේ පිහිටි ඇමරිකානු කඳවුරක කොරෝනා පැතිරියාමේ අවදානමක්
Wednesday, 15 July 2020 - 13:06 | Views - 388
ජපානයේ - ඔකිනාවා හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුර ආශ්‍රිතව කොවිඩ් 19 වෛරසය දැඩිව ව්‍යාප්ත විම නිසා රෝගය පැතිරියාමේ අවදානමක් මතුව ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය ටාරෝ කොනෝ ප්‍රකාශ කර තිබෙනවා.
එය මේ වනවිට භායනක මුහුණුවරක් ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ. එමෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඇමරිකාවේ - කැලිෆෝනියාවේ පාසල් හෝටල්,සිනමා ශාලා නැවත වසා දැමිමට පියවර ගෙන තිබෙනවා.
මේ වනවිට ලොව රටවල් 216 ව්‍යාප්ත වි ඇති කොරෝනා වෛරසය හේතුවෙන් වෛරසය අසාදනය වුවන් සංඛ්‍යාව එක්කෝටි තිස් හතර ලක්ෂ 64, 382 ක් දක්වා ඉහල ගොස් ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව පන්ලක්ෂ 81, 382 වනවා.
Share This Article