ශරීරය පුරා වෙඩි වැදුණු තුවාල සහිත අලියෙක් ගම්වදියි
Wednesday, 15 July 2020 - 12:27 | Views - 364
ගම්මාන ආශ්රිත කුඹුරු ඉඩම්වල සැරිසරණ වෙඩි වැදුන අලියෙකු පිළිබඳ පුවතක් මැදිරිගිරිය - හල්මිල්ලවැව ප්රදේශයෙන් අපට වර්තා වුණා.
අප වාර්තාකරු පවසන්නේ මෙම අලියාගේ ශරීරය පුරාම වෙඩි වැදුණු තුවාල දැකගත හැකි අතර එම සත්වයාගේ ඉදිරි පාදයකට දැඩි හානි සිදුව ඇති බවයි.
ඉතා වේදනාකරීව සිටින මෙම අලියා වයස අවුරුදු 35ක් 40ක් පමණ වන, අඩි 08ක් පමණ උස සත්වයෙක්.
මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබුනද මේවනතෙක් අලියාට ප්රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් පැමිණ නැති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පවසන්නේ.
Share This Article