ලබන ඉරිදා මාතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
Wednesday, 15 July 2020 - 11:43 | Views - 313
මාතර - මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන ඉරිදා දිනයේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම පැය 9 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, එදින උදෑසන 8 සිට පස්වරු 5 දක්වා දියගහ, කැකණදුර, වෙහෙරහේන, කෝට්ටගොඩ, දික්වැල්ල හා කුඩාවැල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.
Share This Article