දුරකතනයෙන් සිසුන්ගේ නිරුවත් ඡායාරූප ගත් ටියුෂන් ගුරා දැලේ
Wednesday, 15 July 2020 - 11:41 | Views - 968
තරුණ පාසල් ශිෂ්‍යයන් මිතුරන් කරගෙන ජංගම දුරකතනයකින් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් බව පැවසෙන උපකාරක පන්ති ගුරුවරයෙකු පෙරේදා (13)සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
28 හැවිරිදි මෙම ගුරුවරයා වේයන්ගොඩ බාදුරාගොඩ ග්‍රාමයේ පදිංචිකරුවකු වනවා.
අවුරුදු 16, 15 යන වයස්වල පසුවන පාසල් ශිෂ්‍යයන් මෙම උපකාරක පන්ති ගුරුවරයා විවිධ උපක්‍රම මගින් මිතුරු කරගෙන ඔවුන් අත්තනගල්ල අලවල ප්‍රදේශයේ පිහිටි නාන තොටුපලක් අසල කැලෑබද ප්‍රදේශයකට සහ තවත් ස්ථාන කිහිපයකට රැගෙන ගොස් ඔවුන්ගේ නිරුවත් ඡායාරූප මෙසේ ලබාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඇතැම් ශිෂ්‍යයින්ගේ සිරුර මුළුමනින්ම නිරුවත් කර ඡායාරූපගත කර තිබුබවද තවත් සමහර ශිෂ්‍යයන්ගේ යටි කය පමණක් නිරුවත් කර ඡායාරූපගත කර තිබු බවද සැකකරු සමඟ අත්අඩංගුවට ගත් ඔහුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරිමෙන් හෙළිවූ බව ද පොලිසිය සදහන් කළා,.
Share This Article