මාස 8 බිලිඳාගේ ඇඟට 17 වියැති පුංචි අම්මා උණුවතුර වීසිකරලා
Wednesday, 15 July 2020 - 10:52 | Views - 9,383
මාස අටක බිලිඳකුගේ ඇඟට නටමින් තිබූ උණුවතුර විසි කළ බිලිඳාගේ පුංචි අම්මා අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ, 17 හැවිරිදි තැනැත්තියකි.
 
බිලිඳා බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
 
පෝද්දල පොලිස් බල ප්‍රදේශයට අයත් මැහිමුල්ල ප්‍රදේශයේ නිවසක බිලිඳාගේ මව, පියා, ඔවුන්ගේ පුංචි අම්මා සහ මව්පියවරු පදිංචිව සිටිති.  පුංචි අම්මා තේ උණුකරමින් සිටියදි ඇතිවු  සිද්ධියක්  හේතුවෙන්  ඇය නටමින් තිබු උණුවතුර  බිලිඳාගේ ඇඟට විසිකොට ඇති අතර ඒ සමග මව බිලිඳා බදාගෙන  තිබේ. මේ නිසා මවද පිළිස්සුම් තුවාල ලබා ඇත.
 
සැකකාරිය අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top