නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත්කර කෙරේ
Wednesday, 15 July 2020 - 10:43 | Views - 828
මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.
මීට පෙර ඔහු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කරනු ලැබුවා.
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්.
1985 වර්ෂයේ 13 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ඔහු නාවික හමුදා විධායක අංශයට එක් වුණා.
මේ අතර මෙරට 23 වන නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් පියල් ද සිල්වා අද (15) දිනයේ විශ්‍රාම ගැනීමට නියමිතයි.
Share This Article