කන්දකාඩු ආශ්‍රිතයින් සොයා රට පුරා පී.සී.ආර්. පරීක්ෂණ
Wednesday, 15 July 2020 - 10:29 | Views - 602
කන්දකාඩු පුනරුත්තාපන නිරෝධායන මධ්‍යස්ථානය ආශ්‍රිත කොරෝන පොකුර මේ වනවිට 532 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

මෙරටින් ඊයේ (14) දිනයේදී පමණක් කොවිඩ් 19 ආසාදිතයින් 19 දෙනෙකු හමුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ දිනට පමණක් රාජාංගනය ප්‍රදේශයේ තුන්සීයකට අධික PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියා.

මේ අතර රාජාංගනය ප්‍රදේශයේ තවදුරටත් PCR පරීක්ෂණ සිදුකරන අතර ඒ ආශ්‍රිතයින් සිටින අනෙකුත් ප්‍රදේශ වලද PCR පරීක්ෂණ සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් දිනපතා නිවැරදි තොරතුරු සෞඛ්‍ය අංශ මඟින් ප්‍රකාශයට පත්කරන අතර කටකතා සහ සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු කෙරෙහි අවධානය යොමු නොකරන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top