කන්දකාඩු ආශ්‍රිතයින් සොයා රට පුරා පී.සී.ආර්. පරීක්ෂණ
Wednesday, 15 July 2020 - 10:29 | Views - 603
කන්දකාඩු පුනරුත්තාපන නිරෝධායන මධ්‍යස්ථානය ආශ්රිත කොරෝන පොකුර මේ වනවිට 532 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
මෙරටින් ඊයේ (14) දිනයේදී පමණක් කොවිඩ් 19 ආසාදිතයින් 19 දෙනෙකු හමුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඊයේ දිනට පමණක් රාජාංගනය ප්‍රදේශයේ තුන්සීයකට අධික PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකළ බව අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටියා.
මේ අතර රාජාංගනය ප්‍රදේශයේ තවදුරටත් PCR පරීක්ෂණ සිදුකරන අතර ඒ ආශ්‍රිතයින් සිටින අනෙකුත් ප්‍රදේශ වලද PCR පරීක්ෂණ සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.
මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් දිනපතා නිවැරදි තොරතුරු සෞඛ්‍ය අංශ මඟින් ප්‍රකාශයට පත්කරන අතර කටකතා සහ සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු කෙරෙහි අවධානය යොමු නොකරන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියා.
Share This Article