චීනයේ අධික වර්ෂාවත් සමග දරුණු ගංවතුරක් ඇතිව තිබෙන බවත් මෙය තිස් වසරකට පසු චීනයට බලපෑ දරුණුතම ගංවතුර බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
මේ වන විට ගංවතුරෙන් 140 ක්මිය ගොස් ඇති අතර නිවාස විසි අටදහසක් විනාශ වී ඇති බවත් සදහන්.
ගංවතුරෙන් ලක්ෂ 380 ක ජනතාවක් අවතැන්වී සිටින අතර මේ වන විට එරට ප්‍රධාන ගංගාවන් 33 ක් පිටාර ගොස් ඇති අතර ගංගාවන් 433 ජල මට්ටම් ඉහළ යමින් පවතින බවත් සදහන්.
ජියාන්ෂි, හුබේ, හුනාන්, අන්හුයි, ශේජියාන්, ජියාන්ෂු යන ප්‍රදේශවලට ගංවතුර දරුණු ලෙස බලපා තිබෙනවා.
චීනයට 1998 දී බලපෑ ගංවතුරෙන් හාරදහසකට අධික පිරිසක් මිය ගොස් තිබෙනවා.




