ජනපති, ‘2021 - 2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය’ බවට නම් කරයි
Wednesday, 15 July 2020 - 8:47 | Views - 483
2021 - 2030 දස වසර ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශයට පත් කර තිබෙනවා.
“රට හදන සෞභාග්‍යයේ දැක්ම” රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කරගැනීම එමඟින් අපේක්ෂා කෙරෙනවා.
වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටියදී 2014 ජගත් මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් ස්ථාපනය කළ ලෝක යොවුන් නිපුණතා දිනය අත්කරගත් ප්‍රගතිය මත පදනම්ව නිපුණතා සංවර්ධන දශකය සැළසුම් කොට තිබෙනවා.
ගෝලීය ප්රවණතාවන්ට යෝග්‍ය පරිදි ඊළඟ පරපුරේ නිපුණතා ප්‍රවර්ධනය සහ ධරනීය සංවර්ධනය සඳහා වන ගෝලීය න්‍යාය පත්‍රය 2030 කේන්ද්‍ර කොට නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Share This Article