ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සවස හතරන් පසු අවස්ථාව
Wednesday, 15 July 2020 - 8:15 | Views - 632
නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන සිටින පිරිස් වෙත, ඡන්දය පවත්වන දින පස්වරු 4.00 සිට 5.00 දක්වා කාලය තුල සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
යාපනය ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා ඊයේ (14) දිනයේ එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ගැටළුවලට පිළිතුරු ලබාදෙමින් සභාපතිවරයා මෙම අදහස් පළකර තිබෙනවා.
මැතිවරණය අගෝස්තු 05 වනදා පැවැත්වීමට උපරීම උත්සහයක නිරතවන බවත් මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මැතිවරණය පැවැත්වීමේ කටයුතු තවදුරටත් ඇදගෙන යාම අමාරු කාරණයක් වන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමට පාර්ලිමේන්තුව පැවතීම අවශ්‍ය බැවින් ජනතාව සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බවටද ඉල්ලීම් කරන බවයි සභාපතිවරයා සඳහන්කර සිටියේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන ලෙසට සෞඛ්‍ය බළධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින අතර එය නොමැති වුවහොත් ඡන්දය පවත්වාගෙන යාම අපහසු බවද සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
Share This Article