පිටරටින් පැමිණි මෘතදේහ දෙකක් මාරුවෙයි - එක් දේහයක ආදාහන කටයුතුත් අවසන්
Wednesday, 15 July 2020 - 8:14 | Views - 477
විදෙස් රටක සිට එවා තිබූ මළ සිරුරු දෙකක් මාරුවී එක් සිරුරක් ආදාහනය කිරීමේ පුවතක් මීගමුව මහ රෝහලෙන් ඊයේ වාර්තාවුණා.

කුවේට් රාජ්‍යයේ සිට මුද්‍රා තැබූ මෙම මළසිරුරු දෙක ශ්‍රී ලංකාවට එවා තිබුණේ පසුගිය ඉරිදා දිනයේදියි.

ඉන් එක් මළ සිරුරක් කුවේට් හි රැකියාව කරමින් සිටියදී රිය අනතුරකට ලක්වූ පිරිමි පුද්ගලයෙකුගේ වනවා.

එය එවා තිබුණේ නාවලපිටිය ප්‍රදේශයේ ලිපිනයක් සඳහන් කරමින්.

අනෙක් මළ සිරුර කුවේට් රාජ්‍යයේදි හදවත් රෝගයකින් මියගිය කාන්තාවකගේයි.

එම මළ සිරුර නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකගේ සොහොයුරියකගේ වන බව සඳහන්.

පිරිමි මළ සිරුරේ අයිතිකරුවන් වන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් එම සිරුර රැගෙන යාම සඳහා මීගමුව රෝහලට පැමිණ පරීක්ෂා කර බැලීමේදී අනාවරණ වී ඇත්තේ එය කාන්තාවකගේ මළ සිරුරුක් බවයි.

කෙසේ වෙතත් ඒ වනවිට නිකවැරටිය ප්‍රදේශයේ සිට පැමිණි ස්වාමීන් වහන්සේ විසින් අනෙක් මළ සිරුර රැගෙන ගොස් ආදාහනය කර තිබුණා. නාවලපිටිය ඥාතීන් සැක කරන්නේ එම ආදාහනය කර ඇති සිරුර රිය අනතුරකින් මියගිය තම ඥාතියාගේ බවටයි.

කෙසේ වෙතත් අනෙක් මළ සිරුර ආදාහනය සඳහා රැගෙන ගිය නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නාවලපිටියේ පුද්ගලයින්ට ප්‍රකාශ කර ඇත්තේ කාන්තා මළ සිරුරේ ආදාහන කටයුතු සිදුකරන ලෙසටයි.

කෙසේ වෙතත් ඊට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් එම ගැටළුව කටුනායක ගුවන් තොටුපල පොලීසියට දැනුම්දී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අද දිනයේ දෙපාර්ශවයම පොලීසියට කැඳවා ඇති බවයි කටුනායක ගුවන් තොටුපල පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top