අම්පාර පොලිස් ගරාජයේ OIC තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Tuesday, 14 July 2020 - 16:12 | Views - 315
පාස්කු ප්‍රහාරයට සමගාමීව පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින සයින්දමරදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමට අදාළ සාක්ෂි සැගවීම සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙලෙස ඔහුගෙන් ප්‍රශ්න කරන අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමට ලද තොරතුරකට අනුවයි ඊයේ සැකකරු අත්අඩංගුවට ගැනුනේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළා.
Share This Article