අනුරාධපුර - රාජාංගණය යාය 1,3 සහ 5 ප්‍රදේශවල දිනකට PCR පරීක්ෂණ 250ක් සිදුකිරීමට සැලසුම්
Tuesday, 14 July 2020 - 14:42 | Views - 742
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොරෝනා පොකුරට අදාළව පුද්ගලයින් 800 දෙනෙකු පමණ මේ වන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් 29 දෙනා ද සමගින් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2646 දක්වා ඉහළ ගියා.

ඉන් 14 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ අතර තවත් 11 දෙනෙකු තහවුරු කර ගැනුණේ ඊට යාබද සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්.

මීට අමතරව රාජාංගණය ප්‍රදේශයෙන් සහ මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වන දෙදෙනෙකු ද ඊයේ ආසාදිතයින් ලෙස වාර්තා වුණා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්  හඳුනා ගෙන ඇති ආසාදිතයින් 519 දෙනාගෙන් 440 දෙනෙකම එහි රැදවියන් වන අතර උපදේශක හා කාර්ය මණ්ඩයේ 60 දෙනෙකු ද කොරෝනා ආසාදනය වූ පිරිසට අයත්.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිතයින් හේතුවෙන් අනුරාධපුර - රාජාංගණය යාය 1,3 සහ 5 ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ ඊයේ කටයුතු කළා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී එච්.ඒ. අබේරත්න සඳහන් කළේ එහි දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 250ක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, අවශ්‍ය වෛද්‍ය උපකරණවල හිඟයක් පවතින බව ද ඇය සඳහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සියළු දෙනා මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර අවසන් බවයි.  

මේ අතර, කැකිරාව - කිතුල්හිටියාව ප්‍රදේශයේ පවුල් 7කට අයත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කටයුතු කළා.

ඒ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරියෙකුට වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමඟයි.

අදාළ හමුදා නිලධාරියාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් 14 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරය තුළ අද දිනයේදී රැදවියන්ගේ සහ කාර්ය මණ්ඩලයේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණු බව වාර්තා වනවා.

එසේම නාවික හමුදාවේ කොරෝනා ආසාදනය වූ තවත් 3 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 898 දක්වා ඉහළ යන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ. ඒ අනුව දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සාමාජිකයන් 9 දෙනෙකු පමණයි.

මේ අතර, කොරෝනා මර්දනයට අදාළව පිහිටුවනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බලකායේ තවත් විශේෂ රැස්වීමක් මේ වන විට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11ට පමණ ආරම්භ වූ මෙම රැස්වීමේදී කොරෝනා මර්දනයට අදාළ ඉදිරි තීන්දු තීරණවලට එළඹීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, හලාවත - වැල්ල - තාලඩිය ප්‍රදේශයේ කොරෝනා නීති උල්ලංගණය කරමින් මෘත ශරීරයක් ආදාහනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම මරණකරුගේ බිරිඳට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස හලාවත රෝහලේ මරණ පරීක්ෂක වසන්ත ගීකියනගේ හලාවත පොලීසියට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අවසන් වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වෙමින් පවතින අනුරාධපුර - රාජාංගණය ප්‍රදේශයේ ශිෂ්‍යයෙකු ද කළමනාකරණ පීඨයේ අවසන් වසර විභාග සඳහා පෙනී සිටීමට නියමිතව සිටි බවයි වාර්තා වන්නේ.

එම ශිෂ්‍යයා කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කරන සිටින පවුලක අයෙකු බව සඳහන්.

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයට ඇතුළුවීම ද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු හඳුනා ගැනීමත් සමඟින්.

එසේම, කොරෝනා බවට සැක රෝගියෙකු හමුවීමේ සිද්ධියක් මත පදනම්ව රාගම පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

මේ අනුව එම රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් වෙන් කිරීමේ සේවය ද නවතා දමා ඇති බව සඳහන්.

මේ අතර, මාලදිවයිනේ සිට හෙට පැමිණීමට නියමිත පිරිසෙන් පසු විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු දින කිහිපයකට තාවකාලිකව අත්හිටුවූ බව විදේශ සබදතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top