SPA බෝඩ් එක ගහගෙන, සුරූපි තරුණියන් මුදලට විකුණූ මීගමුවේ ගණිකා නිවාසයක් වැටලූ හැටි
Tuesday, 14 July 2020 - 12:55 | Views - 898
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ වරද පිළිගත් කාන්තාවන් පස් දෙනෙකුට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය රුපියල් පනස් හතර දහසක දඩයක් ගෙවන ලෙස නියම කරනු ලැබුවා.
මෙලෙස දඩ ගෙවීමට නියෝග ලැබුවේ මීගමුව, කුරණ, කොළඹ පාර පදිංචි කළමණාකාරියට හා බදුල්ල, කැකිරාව, වාද්දුව පදිංචි සෙසු කාන්තාවන් හතර දෙනෙකුටයි.
කළමනාකාරියට රුපියල් පනස් දහක හා ගණිකා වෘත්තියේ යෙදවීමට සිටි එක් කාන්තාවකට රුපියල් දහස බැගින් රුපියල් හාරදහසක දඩයක් ද නියම කෙරුණා.
කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කර තිබුණා.
උපපොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා.
කොච්චිකඩේ විශේෂ වාර්තාකරු (උපුටා ගැනුම ලංකාදීප පුවත්පතෙන්..)
Share This Article