පොලිස් නිලධාරියෙකුට මරු කැඳවූ හක්මන අනතුර සිතා මතා සිදුකර ඇති බව හෙළිවෙයි
Tuesday, 14 July 2020 - 12:40 | Views - 867
හක්මන - කෝන්ගල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් යට පලා ගිය ටිපර් රථය එම අනතුර සිදුකර ඇත්තේ සිතා මතාම බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරට සිදුකළ ටිපර් රථය හුංගම ප්‍රදේශයේ තිබියදී සොයා ගැනුණා.
එහි රියදුරු සොයා පොලිස් කණ්ඩායම් 06ක් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.
මෙම අනතුරෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලැබූ අතර ඉන් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
Share This Article