සාදයකදී දැරියක සිප ගත්තාට උරන වූ පියා පුද්ගලයකු ඝාතනය කරයි
Tuesday, 14 July 2020 - 9:42 | Views - 28,305

අවුරුදු 5 ක කුඩා දැරියක් සිප ගත්තැයි ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනය වී ඇත්තේ හොරණ අරමණාගොල්ල, සුචරිතගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක පමණ වෘත්තියෙන් පෙදරේරුවෙකි වූ පුද්ගලයෙක් බවයි සදහන් වන්නේ.
පසුගිය සිකුරාදා ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිඳගේ ඥාතියෙකුගේ නිවසෙහි රාත්රී උපන්දින සාදයක් පවත්වා ඇති අතර, එම සාදයට ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ පවුලේ උදවිය සහභාගි වී තිබෙන අතර එහිදී ඥාතීන් සමග මත්පැන් සාදයක්ද පවත්වා තිබෙනවා. සාදය අවසානයේ රාත්රී 11 ට පමණ උපන්දින සාදයට අදාළ වූ කුඩා දැරියව මෙම පුද්ගලයා වඩාගෙන සිප ගෙන තිබෙනවා. එහිදී ඇතිවූ බහින්බස් වීමකදී දැරියගේ පියා විසින් ඔහුට පහරවල් කිහිපයක් ගසා ඇති අතර, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් ඒ අසල ඇති ඇයගේ ඥාතී නිවසකට මෙම පුද්ගලයාව කැඳවාගෙන ගොස් තිබෙනවා.
රාත්රී 11.30 ට පමණ නැවතත් සිද්ධියට සම්බන්ධ දැරියගේ පියා සහ බාප්පා විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයාව ඥාති නිවසින් එළියට කැඳවාගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කෝන්ක්රීට් පාරක් මතට ඇද දමා ඇති අතර පැය භාගයක් පමණ කාලයක් කිසිදු කෙනෙකුට ඒ අසලට පැමිණීමටවත් ඉඩ දී නැහැ.
ඝාතනයට සැක පිට දැරියගේ පියා සහ බාප්පා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදාගත් සවලද සැකකරුගේ නිවස අසල සඟවා තිබියදී සොයා ගැනීමට හොරණ පොලිසිය සමත් වී තිබෙනවා.. සැකකරුවන් හොරණ අරමණාගොල්ල, සුචරිතගම සහ බණ්ඩාරගම ප්රදේශයේ පදිංචිකරුවන් බවත් සදහන්.
Share This Article