කොරෝනා වසංගතයෙන් ලොව පුරා සාගින්න උත්සන්න වෙයි
Tuesday, 14 July 2020 - 9:17 | Views - 590
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා සාගින්න උත්සන්න වනු ඇති බව ජගත් සංවිධාන වාර්තාවක් මගින් පෙන්වා දෙනවා.
ඒ අනුව මේ වසරේදී ලොව සෑම පුද්ගලයන් 9 දෙනෙකුගෙන් එක් අයෙකුටම සාගින්නෙන් පෙලීමට සිදුවනු ඇති බවයි ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජගත් සංවිධාන වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ.
ආර්ථිකයන් අඩාලවීම සහ පාරිසරික තත්ත්වයන් හේතුකොටගෙන ලොව බොහෝ පුද්ගලයන් සාගින්නට ගොදුරු වන අතර, පෝෂණීය ආහාරවල වියදම බොහෝ දෙනාට දැරිය නොහැකි බව එහි දැක්වෙන කරුණක්.
දශක ගණනාවක් ලොව සාගින්න අඩුවෙමින් පැවතුණ ද 2014 වසරේ සිට එය නැවතත් ඉහළ යමින් පවතිනවා.
මේ වන විට ලෝක ජන ගහනයෙන් සියයට 9ක් පමණ එනම් මිලියන 690ක් ලෝකවාසීන් සාගින්නෙන් පෙළෙන බව ජගත් සංවිධාන වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
ඉන් මිලියන 10ක් ගත වූ වසර තුළ දී එක්වීම විශේෂත්වයක්.
Share This Article