කොරෝනා, වාහන ලියාපදිංචියත් ඉහළ දමයි
Tuesday, 14 July 2020 - 8:07 | Views - 2,990
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පෞද්ගලික වාහන හිමිකාරත්වයක් දැරීමට වැඩි දෙනෙකු පෙළඹීම නිසා පසුගිය ජුනි මාසයේ මෙරට වාහන ලියාපදිංචිය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
මැයි මාසයේ ලියාපදිංචි කෙරුණු 17,313ක් වූ මුළු වාහන සංඛ්‍යාවට සාපේක්ෂව ජුනි මාසයේදී එමෙන් දෙගුණයක් පමණ එනම් වාහන 32,123ක් ලියාපදිංචි කර ඇති බවයි තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ.
එහිදී මැයි මාසයට සාපේක්ෂව අලුත් මෝටර් රථය ලියාපදිංචිය ද දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, එලෙස ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව 316ක්.
ජුනි මාසයේදී වෑන් රථ, ත්‍රිරෝද රථ මෙන්ම යතුරුපැදි ලියාපදිංචිය ද මැයි මාසයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ යාම විශේෂත්වයක්.
Share This Article