කඩුගන්නාවේදී බස් කොන්දොස්තරවරයෙකුට පහරදීමක්
Monday, 13 July 2020 - 16:57 | Views - 274
පහරදීමක් හේතුවෙන් කඩුගන්නාව - මහනුවර බස් රථ කොන්දොස්තරවරයෙකු රෝහල් ගතකර තිබෙනවා.
කඩුගන්නාව - මහනුවර දක්වා බස් රථයේ රාජකාරි කටයුතු කරමින් සිටි එම කොන්දොස්තරවරයා කිසියම් පිරිසක් විසින් මෝටර් රථයකින් පැමිණ පැහැරගෙන ගොස් පහරදී තිබුණේ ඊයේ පස්වරුවේයි.
පසුව ඔහු පේරාදෙණිය රෝහලට ඇතුළත් වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.
පහරදීමට හේතුව මහනුවර - කඩුගන්නාව පෞද්ගලික බස් රථ ධාවනය කිරීමේදි ඇතිවූ ආරවුලක් බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
Share This Article