රට සුරක්ෂිතයි - සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කියයි
Monday, 13 July 2020 - 13:25 | Views - 2,938
කන්දකාඩු සහ සේනපුර යන පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 472කු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඳ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ එම මධ්‍යස්ථානවල කාර්ය මණ්ඩලයේ 44 දෙනෙකුද වෛරසය ආසාදනය වූ පිරිස අතර වන බවයි.

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 2,617 ලෙස දැක්වෙන අතර තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 617ක්.

වෛරසය ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 1981ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරු ඇතුළු නිලධාරීන් ඇසුරු කළ පුද්ගලයින් සොයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද දිනයේද මෙහෙයුම් සිදුකරන බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

දැනටමත් මාරවිල, රාජංගනය, රත්නපුර, කුණ්ඩසාලේ සහ හබරාදූව ආදි ප්‍රදේශ කිහිපයකින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයන් ලෙස සේවය කළ පිරිසකට කොරෝනා අසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මෙම නිලධාරීන් මෙන්ම සමීපතමයින් රැසක් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඔවුන් පීසීආර් පරීක්ෂණ සිදුකර නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති බවයි සෞඛ්‍ය අංශ කියා සිටියේ.

එමෙන්ම පොළොන්නරුව, හිඟුරක්ගොඩ, බැඳිවැව සහ ලංකාපුර යන ප්‍රදේශවල පවුල් 10ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තාවූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වීම හේතුවෙන්.

මේ අතර උණවටුන උප දුම්රියපොල ස්ථානය අද දිනයේ තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවා.

කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට හබරාදුව ප්‍රදේශයට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහු උණවටුන උප දුම්රියපොලේ ස්ථානාධිපතිවරයා සමීපව ඇසුරු කිරීම හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව එම පියවර ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ උප දුම්රියපොල ස්ථානාධිපතිවරයා මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර, එහි වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කන්දකාඩු පොකුර පාලනයට අවශ්‍ය සියලු පියවර මේ වනවිට ගනිමින් සිටින බවයි.

එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය මුල් කරගනිමින් කොරෝනා වැළඳී ඇති පුද්ගලයින් හා ගැටුණු ආශ්‍රිතයින් දහසකට අධික ප්‍රමාණයක් මේ වනවිට හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ මොවුන් බොහෝ දෙනෙකු පසුගිය කාලයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කර ඇති නිසා අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි.

මේ අතර අද සිට සතියක කාලයක් පාසල් නිවාඩු දීමටගත් තීරණය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් වෙතොත් 1988 කෙටි දුරකථන අංකය අමතා තොරතුරු ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද පෙරවරුවේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහන හා එක්වෙමින් කියා සිටියා.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් චෝදනා කළේ අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය කාලයේ නිකුත් කළ ඇතැම් තීන්දු තීරණ නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවයි.

මේ අතර මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ අප කළ විමසීමකදි කියා සිටියේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියf් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් එළඹෙන මහ මැතිවරණය පැවැත්විය යුතු බවයි.

Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 948 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,071 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
දිනේෂ් ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි අක්කලා නංගිලා තුන්දෙනා...
Hiru Tv Blog
අංජුලා රාජපක්ෂ කියලා කිව්වාම කාටත් මතක් වෙන්නේ දුෂ්ඨ කෙනෙකු ලෙසයි. ඒ ඇය එවැනි...
Hiru Tv Blog
සචිනි අයේන්ද්‍රා සිනමාවේ පුංචි තිරයේ නිරූපණයේ දස්කම් පාමින් ප්‍රේක්ෂකයින්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top