දේශීය වෙදකම ගැන ජනපතිගේ අවධානය
Monday, 13 July 2020 - 8:41 | Views - 649

පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවදානයට යොමු වී තිබෙනවා.
දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමෙන් විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීමට ඇති හැකියාව පිළිබදව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පොදුජන පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා තෙල්දෙනිය නගරයේ ඊයේ පැවති ජන හමුවට එක්වෙමින්.
එහිදී පාරම්පරික වෛද්‍යවරයෙකු සකස් කරන ලද යෝජනාවලියක්ද ජනාධිපතිවරයාට භාරදෙනු ලැබුවා.
ස්වයං රැකියා සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා ග්‍රාමීය ණය ඉල්ලුම් කිරීමේදී ඇති වන ගැටළු රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කර විසදීමට පියවර ගන්නා බව ද එහිදී ජනාධිපතිවරයා කියා සිටියා.
මේ අතර, හාරිස්පත්තුව - අලවතුවල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිවරයා ඊයේ එක්වුණා.
එහිදී ජනතා ගැටළු විසදීමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එල්ල වන බාධා පැහැදිලි කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එය නිවැරදි කිරීමට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක අවශ්‍යතාව සම්බන්ධයෙන් ද අවධාරණය කළා.
Share This Article