ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පෙම් යුවලක් පොලිස් දැළේ (වීඩියෝ)
Sunday, 12 July 2020 - 13:25 | Views - 791
 
රුපියල් 137,020.00ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පෙම් යුවලක් කුරුවිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලීසියට ලද තොරතුරක් අනුව කුරුවිට, දොඩම්පේ - මණ්ඩදෙණිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී.

සැකකරුවන් මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිගණක යන්ත්‍රය සහ ඔවුන් සතුව තිබු මෝටර් රථයක්, ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විටත් රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 21ක්, රුපියල් පන්සීයේ ව්‍යාජ නෝට්ටු 34ක්, රුපියල් දහයේ ව්‍යාජ නෝට්ටු 2ක් ඔවුන් සන්තකයේ තිබූ බවයි.

සැකකාර තරුණයා අනුරාධපුර, ලේකොළවැව, මහගල්කඩ ප්‍රදේශයේ පදිංචි 34හැවිරිදි අයෙක් වන අතර ඔහුගේ පෙම්වතිය බව කියන 21හැවිරිදි තරුණියගේ නිවසේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සිදුකර තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයයට සහ ව්‍යාජ මුදල් මාරු කිරීමට අනුබල දුන් සහ දායක වූ 44 හැවිරිදි සමාදාන විනිසුරුවරයෙක් ද අත්අඩංගුවට ගත් බවයි.

කුරුවිට පොලීසිය සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top