පලෙයි - උඩුත්තුරේ වෙරළේ වැටලීමකින් කේරළ ගංජා කිලෝ 52ක් සොයාගැනේ
Sunday, 12 July 2020 - 10:46 | Views - 483
යාපනය - පලෙයි - වෙම්බඩි උඩුත්තුරේ මුහුදු වෙරළේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 52 යි ග්‍රෑම් 680 ක් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව සොයාගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ වැටලීමකදී මෙම කේරළ ගංජා ප්‍රවාහනය සඳහා යොදාගන්නා ලද ධීවර බෝට්ටුවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් පලාගොස් තිබෙනවා.
Share This Article