කළු මල්ලීගේ සොහොයුරියගේ නිවසේ කොස්ගොඩ තාරකගේ අත්බෝම්බයක් සහ දුරකථනයක්
Sunday, 12 July 2020 - 10:38 | Views - 1,357

බන්ධනාගාර ගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකට අයත් බවට සැකකෙරෙන ජංගම දුරකථනයක් සහ අත්බෝම්බයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.ඒ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධානතම පුද්ගලයා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ කර ගත් තොරතුරු අනුවයි. ඕපනායක මුත්තෙට්ටුව ප්‍රදේශයේ පිහිටි කළු මල්ලිගේ සහෝදරියකගේ නිවස පිහිටි ඉඩමේ වළදමා තිබියදීයි මෙම අත්බෝම්බය සහ ජංගම දුරකථනය සොයා ගෙන ඇත්තේ.පසුගිය 9 වනදා රාත්‍රියේ මුල්ලේරියාව - මිහිරි පෙදෙසේ දී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලද තොරතුරක් මත ආදුරුප්පුවීදිය පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් කළු මල්ලී අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 230 ක් සමගින්.මේ අතර, හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී-56 අවි දෙකක් සහ ජීව උණ්ඩ 750 ක් සමග අත්අඩංගුවට ගත් පිටිපන උතුර ප්‍රදේශයේ පොලිස් කොස්තාපල් රියදුරා කිසියම් අපරාධයක් සඳහා මෙම ගිනි අවි දෙක සහ උණ්ඩ භාවිත කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.
Share This Article