පළාත් කිහිපයකට වැසි
Sunday, 12 July 2020 - 8:13 | Views - 505
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකියි.ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු-මැද පළාත්වලතැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 දක්වා වැඩි විය හැකියිමේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් (2.0 - 2.5)ක් දක්වා ඉහල යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.මීට අදාල නිවේදනය පහතින් ...................
Share This Article