අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ඇඳුම්, පැළදුම් සහිතව ගෙන් ගෙට යන පුද්ගලයින්ට නීතිය දැඩිවෙයි
Saturday, 11 July 2020 - 13:36 | Views - 777
අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ ඇඳුම් පැළදුම් සහිතව ගෙන් ගෙට යමින් ප්‍රචාරණ කටයුතුවල නිරතවීම නීතිවිරෝධී බැවින් එවැනි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියළු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ මැතිවරණ පනතට අනුව එය අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා වන ප්රචාරක දැන්වීමක් බවයි.
එසේම, එම වරද සම්බන්ධයෙන් පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
Share This Article